Monday, September 5, 2016

Lesson 5 Verbs ක්‍රියා පද

 Verbs ක්‍රියා පද

ක්‍රියාවක් හැගවීම සදහා  Verbs ( ක්‍රියා පද ) භාවිතා කරයි.යනවා කනවා දුවනවා පාඩම් කරනවා වැනි  ක්‍රියාවන් අපි English වලදී Verbs ලෙස හදුන්වනවා

English භාෂාවේදී Verbs ( ක්‍රියා පද ) අකාර කිහිපයකින් හදුනාගත හැක.එහිදී සිංහල භාෂාවට වෙනස් ආකායක ක්‍රියා පද කිහිපයක්ද හදුනාගත හැක.ඒ සියල්ල වෙන් වෙන්ව හොදින් හදුනා ගැනීම English නිවැරදිව හසුරවා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ

දැන් අපි ඒ ඒ ආකාර වෙන වෙනම හදුනාගනිමු


1) Doing Verbs (කරන වැඩ)

Ex-Run,Go,Play,Eat,Drink,Sit,Jump,Write,Read,Tell,Sing

උදා-දුවනවා යනවා සෙල්ලම් කරනවා කනවා බොනවා ඉදගන්නවා උඩ පනිනවා ලියනවා කියවනවා ගායනා කරනවා

මේවා අපි Action Verbs(ක්‍රියාව මැවිලා පේන පද ) ලෙසද හදුන්වනවා එනම් අපේ සිංහල භාෂාවේ සරල ක්‍රියා පද ආකාරයේ කරන වැඩක් නිරූපනයට Verbs ( ක්‍රියා පද ) භාවිතා කරනවා


2) Non Action Verbs (ක්‍රියාව මැවිලා නොපෙනෙන පද )
 
English භාෂාවේ අපි සැවොම දන්න Is,Am,Are,Was,Were,Will be,Has,Have,Had වැනි පද අයත් වන්නේ මේ කොටසටයි

English මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට මේවා ක්‍රියා පද ලෙස ගන්නේ ඇයි දැයි සැකයක් ඇති වන්නට පුලුවන් ඒ නිසා අපි ඒ ගැන මුලින්ම බලමු

Is 
My name is Anil
මගේ නම අනිල් වෙයි

අපි සිංහලින් කතා කරන විට වෙයි යන කොටස භාවිතා කරන්නේ නෑ නේද? නමුත් English වලදී එම අදහස දැක් වීමට Is ක්‍රියාපදයක් ලෙස යෙදේ.

Am
I am Sunil
මම සුනිල් වෙමි
 
මෙහි Am හී අර්ථය වෙමි ලෙස හදුනාගත හැක

Are - වේ
Was - වුනා ‍/ වී සිටියා (අතීතකාල ඒක වචන)
Were -වුනා / වී සිටියා (අතීතකාල බහු වචන)
Will be - වේවි (අනාගත කාල)
Has - තිබෙනවා (වර්තමාන කාල ඒක වචන)
Have - තිබෙනවා (වර්තමාන කාල බහු වචන)
Had - තිබුනා (අතීතකාල ඒක වචන සහ බහු වචන)
Will have - තිබේවී( අනාගතකාල)

මේවා එකින් එකට උදාහරන අවශ්‍යය නැතැයි මා සිතමි.නමුත් ඔබ ඒ සියල්ලටම උදාහරණ ගොඩ නගා එම සම්බන්දතා අවබෝද කරගන්න.උදාහරන අවශ්‍යය නමි Comment එකක දන්වන්න.


3) Helping Verbs උපකාරක ක්‍රියා පද

අපි කලින් කතා කල Is Am Are .... වැනි Verbs ඔබට පහත උදාහරණයේ ඇති වාක්‍යය වැනි අවස්ථා වල හමුවී තිබේද?

I am teaching English
මම English උගන්වමින් සිටිනවා

He was eating
ඔහු ආහාර ගනිමින් සිටියා

I was called to the office
මාව කාර්යාලයට කැදවනු ලැබුවා

ඉහත සෑම අවස්තාවකදීම Is Am Are ..වැනි පද තවත් ක්‍රියා පදයක් සමග යෙදී ඇති බව ඔබ දැක්කාද? 
එලෙස වෙනත් ක්‍රියා පදයක උපකාරක පදයක් ( කාලය/ලිංගය දැක්වීමට උපකාර කරන) ලෙස ඉහත පද යෙදෙන අවස්තාවන් වල එය Helping Verbs (උපකාරක ක්‍රියා පද) ලෙස හදුනාගත හැක.

මීට අමතරව ක්‍රියා පද

1) Regular verbs ( ed form )

Play-Played
Jump-Jumped

2) Irregular Verbs 

Go-Went
Write-Wrote

යනුවෙනද වර්ග කල හැක

ඔබ ක්‍රියා පදයක් යනු කුමක්ද යන්නත් Is Am Are ... වැනි පද වල යෙදීම කෙසේ සිදු වන්නේදැයි මෙම පාඩමෙන් ඉගෙනගන්න ඇතැයි මා සිතනවා.ඉදිරි පාඩම් වලදී ඔබට මේ අවබෝධය තව තවත් වර්ධනය කර ගැනීමටත් මේවා අතර ඇති සරල අන්තර්සම්බන්ධතාවයත් තේරුම් ගෙන English භාෂාවේ සරල බව අවබෝද කර ගෙන ඔබේ දැනුම දියුනු කරගන්න හැකියාව ලබා ගන්න හැකි වේවි.

No comments:

Post a Comment