Thursday, March 10, 2016

Lesson 04 Nouns Singular-Plural ඒක වචන හා බහු වචන

Nouns become plural by adding s,es,ies,ves or change or same (according to six ways)

ඒක වචන නාම පද මූලික ක්රම 6කට අනුව බහු වචන බවට පත්වේ ඒවා නම් 

1. s කතු කිරීමෙන්
2. es කතු කිරීමෙන්
3. ies කතු කිරීමෙන්
4. ves කතු කිරීමෙන්
5. වචනය වෙනස් වීමෙන්
6. ම වචනයෙන්ම

දැන් ක් ක් ක්රමය ගැන සලකා බලමු



1. s කතු කිරීමෙන්

Singular-Plural

Boy-Boys
Girl-Girls
Car-Cars
House-Houses
Animal-Animals



2. es කතු කිරීමෙන්

Singular-Plural

Mango-Mangoes
Glass-Glasses
Box-Boxes
Church-Churches

o,ss,x,ch ශබ්ද වලින් අවසන් වන වචන වලට යෙදේ.


3. ies කතු කිරීමෙන්

Singular-Plural

Baby-Babies
Lady-Ladies
Lorry-Lorries
Library-Libraries
Family-Families


********************************
ඒක වචනයක් y අකුරෙන් අවසන් වේ නම් මුලින්ම y ට කලින් අකුර Vowel (a,e,i,o,u) එකක් දැයි බලන්න එය Vowel අක්ෂරයක් නම් අගට s යොදා බහු වචනයට හරවයි 
Boy-Boys
ඒසේ නැත්නම් y ඉවත් කර ies එකතු කරයි.
Baby-Babies
********************************



4. ves කතු කිරීමෙන්



Singular-Plural

Calf-Calves
Half-Halves
Leaf-Leaves
Wife-Wives
Knife-Knives


ෆ් ශබ්දයෙන් වචන අවසන් වන වචන සදහා යෙදේ


5. වචනය වෙනස් වීමෙන්



Singular-Plural

Man-Men
Woman-Women
Child-Children
Foot-Feet
Tooth-Teeth
Mouse-Mice
Louse-Lice


6. ම වචනයෙන්ම

Singular-Plural

Deer-Deer
Sheep-Sheep
Fish-Fish
Furniture-Furniture



මෙම ලිපිය කිහිප වාරයක් කියවා ඒක වචනයක් බහු වචනයකට හරවන අාකාරය අවබෝධ කරගන්න.

Lesson 03 Nouns - නාම පද

Nouns(Names) නාම පද වලින් භාෂාවක අැති විවිධ නාම නිරූපනය කරයි. පුද්ගල නාම,සතුන්ගේ නම්,රටවල්වල නම් අාදී විවිධ නම් Nouns(න‍උන්ස්) ලෙස වර්ග කරයි.

උදාහරණ ලෙස
Boy,Girl,Book,Pen,Dog,Cat,Colombo,Kandy,Money,Water,Milk,
වැනි වචන ගන්න පුලුවන්.

Nouns(නාම පද) විවිධ අාකාරයට කොටස් කිහිපයකට බෙදා වෙන් කර ඉගෙන ගැනීමට අපට පුලුවන්.

Proper nouns


1.Names of countries (රටවල් වල නම්)
Sri Lanka, India, England, Japan, China, etc

2.Names of persons (පුද්ගලයන්ගේ නම්)
Saman, Nimala, Kamal, Vimala, etc

3.Names of towns & villages (නගර හා ගම් වල නම්)
Colombo, Kandy, Jaffna, Kurunagala, etc

4.Names of the days of the week (සතියේ දින වල නම්)
Sunday, Monday, Tuesday, etc

5.Names of the months of the year (අවුරුද්දේ මාස වල නම්)
January, February, March, etc

6.Names of Pets (සුරතල් සතුන්ගේ නම්)
Rex, Kitty

7.Names of rivers (ගංගා වල නම්)
Mahavali, Kalani , Kalu, Walawe

8.Names of oceans ( මුහුදු වල නම්)
Indian Ocean, Atlantic ocean,Pacific Ocean

9.Names of continents (මහද්වීප වල නම්)
Asia,Europe,Africa


සියලුම නම් වර්ග නාම පද ගණයට ගනී ඉහත පරිදි විවිධ කාණ්ඩ වල නම් Proper nouns ගණයට වැටේ


**************************************
Note:
සටහන්:
වාක්‍යයක ඕනෑම තැනක Proper noun එකක් යෙදුන විට එහි පලමු අකුර Capital letter එකක් ලෙස ලිවිය යුතුය.

උදාහරණ: 
My name is Anil.
I live in Kandy.
My pet is a dog and its name is Rex.

මීට අමතරව වාක්‍යක අකුරු Capital letter එකක්  විය යුතු අවස්ථා කිහිපයකි.

  1. වාක්‍යයක හාේ  ප්‍රශ්ණයක අාරම්භක අකුර
  2. නැවතීමේ තිත  හාේ ප්‍රශ්ණාර්ථ ලකුනට පසු අකුර


උදාහරණ: 
My name is Anil.I live in Kandy.

**************************************




එසේම අපට නාම පද  පන අැති(ප්‍රාණවාචී) සහ පන නැති(අප්‍රාණවාචී)  ලෙස  වර්ග කල හැක.


1.Animate nouns[පන අැති(ප්‍රාණවාචී)]

Boy,Girl,Women,Dog

  
2. Inanimate nouns[පන නැති(අප්‍රාණවාචී)]

 Book,Pen,Chair,Table,Colombo,Milk,Water



ඒ වාගේම ගණන් කල හැකි සහ ගණන් කල  නොහැකි ලෙසත් වර්ග කල හැක.

1.Countable nouns[ගණන් කල හැකි]
 Boy,Pen,Book,Chair,Dog

2.Uncountable nouns[ගණන් කල  නොහැකි]
Water,Rice,Sugar


මීට අමතරව සමූහවාචී නාම පද සහ කේවල නාම ලෙසද නාම පද වර්ග කල හැක.

1.Collective nouns[සමූහවාචී නාම]
Group,Team,Class,Flock,Army,Committee

2.Abstract nouns[කේවල නාම ]
Happiness,Gladness,Laziness,Carelessness,Sadness,Foolishness,Hardship,Friendship,Poverty,Difficulty


නාම පද විවිධ අාකාරයට වර්ග කල හැකි බව දැන් ඔබටම වැටහෙන්ට අැත.මේවා වෙන් වෙන්ව කට පාඩම් කිරීමට අැත්තෙන්ම අවශ්‍ය නැත.ඔබ නාම පද කියන්නේ මොනවාටද හා විවිධා කාරයෙන් අපට හමුවන නාම පද පිළිබද අවබෝධය ලබා ගැනීම ප්රමානවත් වේ.මෙම ලිපිය කිහිප වරක් කියවූ විට ඔබට නාම පද වර්ග හොදින් අවබෝධ කර ගත හැක.

අපට හමුවන තවත් නාම පද කිහිපයක් සලකා බලමු

Common nouns[සර්ව නාම]
Boy,Girl,Father,Mother,Country

Concrete nouns
Table

Gerunds[භාව ක්රියාපද]
Reading,Watching,Drawing






Lesson 02 Words

English  භාෂාව ඉගෙන ගන්න English අකුරු වලින් හැදෙන වචන ගැන දැනගන්න අවශ්‍යයි.English  භාෂාවේ සියලු වචන අපට  කොටස් කිහිපයකට  වෙන් කරගන්න පුලුවන්

  1. Nouns (නාම පද)
  2. Verbs (ක්‍රියා පද)
  3. Adjectives (නාම විශේෂන පද)
  4. Adverbs(ක්‍රියා විශේෂන පද)
  5. Pronouns(සර්වනාම පද)
  6. Conjunctions(සම්බන්දක පද)
  7. Prepositions(නිපාත)
  8. Interjections(විශ්මයාර්ත පද)
මෙහෙම කීවාම තේරෙන අය වගේම නොතේරෙන අයත් ඉන්න පුලුවන්.අවුලක් නෑ අපි මේ හැම දෙයක් ගැනම වෙන වෙනම පැහැදිලිව ඉගෙන ගනිමු.

මේවාට අමතරව 

Determiners කියලා කොටසකුත් තිබෙනවා එය
  1. Articles ( eg. a,an,the)
  2. Demonstrative (eg. this,that,these,those)
  3. quantifiers (eg. some,any,no,every)
ලෙස හදුනාගන්න පුලුවන්.

ඉතින් ඔබට මුලින්ම  ඉගෙන ගන්න තිබෙන්නේ මෙන්න  මේ කොටස් ටිකයි.ඒවා ගැන නිවැරදි අවබෝදයක් ලබා ගැනීම  බොහොම වැදගත්.ඔබ ඒවා ඉගෙන ගැනීමේදී English  භාෂාවේ අැති සම්බන්දතා පිළිබදවත් එහි සරල බවත් ඔබටම වැටහෙනු අැත.

මීලග ලිපියේ සිට ඒවා එකින් එක ඉගෙනගැනීමට ඔබට පුලුවන්.


Lesson 01 First Step ( Letters)

What is Language?


A language is a way of communication.Any language made up with words.Words are made up of letters.There are 26 letters in English Alphabet

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z

භාෂාවක් යනු කුමක්ද

භාෂාවක් යනු සන්නිවේදනයට යොදා ගන්නා දෙයකි.ඕනෑම භාෂාවක් ගොඩනැගී අැත්තේ වචන වලිනි.වචන සෑදී අැත්තේ අකුරු වලිනි.English භාෂාවේ අකුරු 26 ක් අැත.

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z

ඒවා
  1. Capital letters ( A B C....)
  2. Simple letters ( a b c...)
  3. Vowels (A,E,I,O,U)
  4. Consonants (other 21 letters)
ලෙස වර්ග කරන්න පුලුවන්

Vowels යනු ස්වර අක්ෂරයි ඒවා
නම් 
A,E,I,O,U

Consonants යනු ව්‍යංජනාක්ෂරයි ඊට ඉතිරි අකුරු 21 ම අයත් වේ.
B C D F G H J K L M N P Q R S T V W X Y Z





Introduction

            කොහොමද යාලුවනේ අපි අද අලුත් වැඩක් පටන් ගන්න යන්නේ.ඉතින් ඒ වැඩේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ.මම වැඩිය අනන් මනන් මෙතන ලියන්න කැමති නෑ ඒ හින්දා අපි සරලව වැඩේ පටන් ගමු.හදුන්වාදීමේදී විතරක් තරමක විස්තරයක් ඔයාලට ඉදිරිපත් කරන්න මට අවස්ථාවක් දෙන්න.

                   ඔය එහෙන් මෙහෙන් එහෙමත් නැත්නම් මැදින් මැදින් වචන කෑලි වාක්‍ය කෑලි ඉගෙන  ගෙන  English ඉගෙන ගන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවනේ.මට කියන්න තියෙන්නේ ඒ විදිහට ඉගෙන ගන්න ගියොත් English එපා වෙන එක මිසක් පුලුවන්  වෙන එකක්නන් නෑ.ඉතින් අපිට පොඩි කාලේ ඉදලා පියවරෙන් පියවර ඉගෙන ගන්න තියෙන භාෂාවක් එක පාරටම අගක් මුලක් නැතුව පටන් ගත්තම  English ඉගෙන ගන්න උත්සහ කරන අයට ඒක මහ පටලවිල්ලක්  එහෙමත් නැත්නම් කට පාඩම් කරන දෙයක් වගේ දැනෙන එක සාමානයයි.ඒත් අැත්තටම  English කියන්නේ ඉතා සරල භාෂාවක්.

                   ඔයාලා තමන්ගේ නිවසට වෙලා ඉතා සරලව සුද්ද සිංහලෙන් පියවරෙන් පියවර නිවැරදිව English ඉගෙන ගන්න පටන් ගන්නයි යන්නේ.English බැරි කෙනෙක්ට English වලින්ම උගන්වනවා කියන්නේ විහිලුවක් කියලා කියන්න දෙයක් නෙවේනේ ඒ නිසා මම සියලු පාඩම් සරල සිංහෙලන් ඉදිරිපත් කරනවා.ඔයාලට තනියම නිදහසේ උනන්දුවෙන් අවබෝදයෙන් පියවරෙන් පියවර ඉගෙන ගන්නයි තියෙන්නේ.මට ඕවා පුලුවන් ඕක මොකක්ද කියලා මූලික පියවර අත්හැරලා තැනින් තැනින් ඉගෙන ගන්න හිතන් ඉන්නවනන් මේ පාඩම් අමතක කරලා  වෙන වැඩක් කර ගත්තනම් හොදයි කියලා මම කියනවා

         ඊලගට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා කවුරු හරි  English අමාරුයි මට බෑ කියලා හිතාෙගන ඉන්නවනම් ඒ මිත්‍යා අදහස් අයින් කරගන්න  වෙනවා  මොකද  English කියන්නේ ඉතා සරල භාෂාවක් ඒක ඔයාලටම ඉගෙනගනිද්දි අවබෝධ  වෙයි.අනන් මන්න සියල්ල අමතක කරලා මම හරියට  English ඉගෙන ගන්නයි යන්නේ කියන අදහසින්  මේ වැඩේට සම්බන්ද  වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

               මේ පාඩම් මාලාව මුල සිට (මුල සිට කියා මැද සිට  නොව) සරලව පියවරෙන් පියවර ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට නොමිලේ නිදහසේ ඉගෙන ගන්න පුලුවන් විදිහටයි ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වන්නේ.නමුත් අවසානයේදී ඔබට ඉතා පුලුල් දැනුමක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.ඉතින් ඒ දේ සාර්ථක වෙන්නේ ඔයාලගෙ සහයෝගය හා අදහස් යා්ෙජනා වගේ දේවල් වලින් තමයි.