Thursday, March 10, 2016

Introduction

            කොහොමද යාලුවනේ අපි අද අලුත් වැඩක් පටන් ගන්න යන්නේ.ඉතින් ඒ වැඩේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ.මම වැඩිය අනන් මනන් මෙතන ලියන්න කැමති නෑ ඒ හින්දා අපි සරලව වැඩේ පටන් ගමු.හදුන්වාදීමේදී විතරක් තරමක විස්තරයක් ඔයාලට ඉදිරිපත් කරන්න මට අවස්ථාවක් දෙන්න.

                   ඔය එහෙන් මෙහෙන් එහෙමත් නැත්නම් මැදින් මැදින් වචන කෑලි වාක්‍ය කෑලි ඉගෙන  ගෙන  English ඉගෙන ගන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවනේ.මට කියන්න තියෙන්නේ ඒ විදිහට ඉගෙන ගන්න ගියොත් English එපා වෙන එක මිසක් පුලුවන්  වෙන එකක්නන් නෑ.ඉතින් අපිට පොඩි කාලේ ඉදලා පියවරෙන් පියවර ඉගෙන ගන්න තියෙන භාෂාවක් එක පාරටම අගක් මුලක් නැතුව පටන් ගත්තම  English ඉගෙන ගන්න උත්සහ කරන අයට ඒක මහ පටලවිල්ලක්  එහෙමත් නැත්නම් කට පාඩම් කරන දෙයක් වගේ දැනෙන එක සාමානයයි.ඒත් අැත්තටම  English කියන්නේ ඉතා සරල භාෂාවක්.

                   ඔයාලා තමන්ගේ නිවසට වෙලා ඉතා සරලව සුද්ද සිංහලෙන් පියවරෙන් පියවර නිවැරදිව English ඉගෙන ගන්න පටන් ගන්නයි යන්නේ.English බැරි කෙනෙක්ට English වලින්ම උගන්වනවා කියන්නේ විහිලුවක් කියලා කියන්න දෙයක් නෙවේනේ ඒ නිසා මම සියලු පාඩම් සරල සිංහෙලන් ඉදිරිපත් කරනවා.ඔයාලට තනියම නිදහසේ උනන්දුවෙන් අවබෝදයෙන් පියවරෙන් පියවර ඉගෙන ගන්නයි තියෙන්නේ.මට ඕවා පුලුවන් ඕක මොකක්ද කියලා මූලික පියවර අත්හැරලා තැනින් තැනින් ඉගෙන ගන්න හිතන් ඉන්නවනන් මේ පාඩම් අමතක කරලා  වෙන වැඩක් කර ගත්තනම් හොදයි කියලා මම කියනවා

         ඊලගට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා කවුරු හරි  English අමාරුයි මට බෑ කියලා හිතාෙගන ඉන්නවනම් ඒ මිත්‍යා අදහස් අයින් කරගන්න  වෙනවා  මොකද  English කියන්නේ ඉතා සරල භාෂාවක් ඒක ඔයාලටම ඉගෙනගනිද්දි අවබෝධ  වෙයි.අනන් මන්න සියල්ල අමතක කරලා මම හරියට  English ඉගෙන ගන්නයි යන්නේ කියන අදහසින්  මේ වැඩේට සම්බන්ද  වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

               මේ පාඩම් මාලාව මුල සිට (මුල සිට කියා මැද සිට  නොව) සරලව පියවරෙන් පියවර ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට නොමිලේ නිදහසේ ඉගෙන ගන්න පුලුවන් විදිහටයි ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වන්නේ.නමුත් අවසානයේදී ඔබට ඉතා පුලුල් දැනුමක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.ඉතින් ඒ දේ සාර්ථක වෙන්නේ ඔයාලගෙ සහයෝගය හා අදහස් යා්ෙජනා වගේ දේවල් වලින් තමයි.

No comments:

Post a Comment