Thursday, March 10, 2016

Lesson 03 Nouns - නාම පද

Nouns(Names) නාම පද වලින් භාෂාවක අැති විවිධ නාම නිරූපනය කරයි. පුද්ගල නාම,සතුන්ගේ නම්,රටවල්වල නම් අාදී විවිධ නම් Nouns(න‍උන්ස්) ලෙස වර්ග කරයි.

උදාහරණ ලෙස
Boy,Girl,Book,Pen,Dog,Cat,Colombo,Kandy,Money,Water,Milk,
වැනි වචන ගන්න පුලුවන්.

Nouns(නාම පද) විවිධ අාකාරයට කොටස් කිහිපයකට බෙදා වෙන් කර ඉගෙන ගැනීමට අපට පුලුවන්.

Proper nouns


1.Names of countries (රටවල් වල නම්)
Sri Lanka, India, England, Japan, China, etc

2.Names of persons (පුද්ගලයන්ගේ නම්)
Saman, Nimala, Kamal, Vimala, etc

3.Names of towns & villages (නගර හා ගම් වල නම්)
Colombo, Kandy, Jaffna, Kurunagala, etc

4.Names of the days of the week (සතියේ දින වල නම්)
Sunday, Monday, Tuesday, etc

5.Names of the months of the year (අවුරුද්දේ මාස වල නම්)
January, February, March, etc

6.Names of Pets (සුරතල් සතුන්ගේ නම්)
Rex, Kitty

7.Names of rivers (ගංගා වල නම්)
Mahavali, Kalani , Kalu, Walawe

8.Names of oceans ( මුහුදු වල නම්)
Indian Ocean, Atlantic ocean,Pacific Ocean

9.Names of continents (මහද්වීප වල නම්)
Asia,Europe,Africa


සියලුම නම් වර්ග නාම පද ගණයට ගනී ඉහත පරිදි විවිධ කාණ්ඩ වල නම් Proper nouns ගණයට වැටේ


**************************************
Note:
සටහන්:
වාක්‍යයක ඕනෑම තැනක Proper noun එකක් යෙදුන විට එහි පලමු අකුර Capital letter එකක් ලෙස ලිවිය යුතුය.

උදාහරණ: 
My name is Anil.
I live in Kandy.
My pet is a dog and its name is Rex.

මීට අමතරව වාක්‍යක අකුරු Capital letter එකක්  විය යුතු අවස්ථා කිහිපයකි.

  1. වාක්‍යයක හාේ  ප්‍රශ්ණයක අාරම්භක අකුර
  2. නැවතීමේ තිත  හාේ ප්‍රශ්ණාර්ථ ලකුනට පසු අකුර


උදාහරණ: 
My name is Anil.I live in Kandy.

**************************************




එසේම අපට නාම පද  පන අැති(ප්‍රාණවාචී) සහ පන නැති(අප්‍රාණවාචී)  ලෙස  වර්ග කල හැක.


1.Animate nouns[පන අැති(ප්‍රාණවාචී)]

Boy,Girl,Women,Dog

  
2. Inanimate nouns[පන නැති(අප්‍රාණවාචී)]

 Book,Pen,Chair,Table,Colombo,Milk,Water



ඒ වාගේම ගණන් කල හැකි සහ ගණන් කල  නොහැකි ලෙසත් වර්ග කල හැක.

1.Countable nouns[ගණන් කල හැකි]
 Boy,Pen,Book,Chair,Dog

2.Uncountable nouns[ගණන් කල  නොහැකි]
Water,Rice,Sugar


මීට අමතරව සමූහවාචී නාම පද සහ කේවල නාම ලෙසද නාම පද වර්ග කල හැක.

1.Collective nouns[සමූහවාචී නාම]
Group,Team,Class,Flock,Army,Committee

2.Abstract nouns[කේවල නාම ]
Happiness,Gladness,Laziness,Carelessness,Sadness,Foolishness,Hardship,Friendship,Poverty,Difficulty


නාම පද විවිධ අාකාරයට වර්ග කල හැකි බව දැන් ඔබටම වැටහෙන්ට අැත.මේවා වෙන් වෙන්ව කට පාඩම් කිරීමට අැත්තෙන්ම අවශ්‍ය නැත.ඔබ නාම පද කියන්නේ මොනවාටද හා විවිධා කාරයෙන් අපට හමුවන නාම පද පිළිබද අවබෝධය ලබා ගැනීම ප්රමානවත් වේ.මෙම ලිපිය කිහිප වරක් කියවූ විට ඔබට නාම පද වර්ග හොදින් අවබෝධ කර ගත හැක.

අපට හමුවන තවත් නාම පද කිහිපයක් සලකා බලමු

Common nouns[සර්ව නාම]
Boy,Girl,Father,Mother,Country

Concrete nouns
Table

Gerunds[භාව ක්රියාපද]
Reading,Watching,Drawing






No comments:

Post a Comment